රියල් අයියලා සිටින උතුම් රටක් පෘතුවි තලය තුල ඇති බව පසුගිය දිනක චුටි මල්ලිට ආරංචි වුනා. ඉතින් චුටි මල්ලිත් පොඩ්ඩක් Search කරලා බැලුවා ඒ රටට. ඒ රට අපේ රටවල් වගේ නෙවෙයි. නියම රියල් රටක්. ඒ රටේදි චුටි මල්ලි ලබපු අත්දැකිම් වලින් ටිකක් තමයි මේ. අඩු-පාඩු තියෙන අයට හදාගන්න ඕන නම් මේවා බලලා හැදෙන්න.
ඒ රටේ නම තමයි රියල් ලන්තය. ඒ රට විශේෂ රටකි. රියල් ලන්තයේ වැඩි විස්තර දැනගන්න මම සෙට් කරගත්තා රියල් අයියා කෙනෙක්. එයාගේ නම රියල්බේබි . මට මුලින්ම රියල් ලන්තෙදි හමුවුන මිතුරාත් රියල් බේබි තමයි.
රියල් බේබි රැකියාව ගැන කියනව නම් ඔහු පුද්ගලික ආයතනයක සේවය කල ඉහල නිළධාරියෙක්. කොච්චර වැඩ තිබුනත් මට උදවු කලේ හරිම උනන්දුවෙන්.
රියල් ලන්තය වු කලි රට වටේටම ජලයෙන් වටවුන දුපතකි. එය අතිතයෙදි නම් ස්වයං පෝෂිත රටකි. දැන් එය තනිකරම බබා ලන්තයකි. එම රට අපේ රටමෙන් නොව පාලකයන් කරන වැඩද බබා මට්ටමේය. එවා අනුමත කරන බබාලාද රියල් ලන්තයේ ඕනැ තරම් ඇත.
රියල් ලන්තයේද ප්රධාන ආහාරය බත්ය. නමුත් අපේ රට තරම් සහල් ලභ නැත. රියල් ලන්තයේ බඩු මිල පලනය කරනුයේ අප කවුරුත් හොදින් දන්නා සක්රයාගේ පුතා වයිමාය. සමහර වෙලාවට කතිර යුද්ධ කාලයට(රියල් ලන්තයේ පැවැත්වෙන මැතිවරණ) වයිමට කරන්න බැරි වැඩ කරන්න පුලුවන් රියල් බබා ඇමැතිවරුද සිටින අරුම පුදුම රටකි.
රියල් බේබි සමග චුටි මල්ලිගේ රියල් ලන්තයේ ගවේශනයේ වැඩි විස්තර ඉදිරියටත්.....
Friday, 19 February 2010
Subscribe to:
Post Comments (Atom)
Join to the sri lanka social network and find thousands of sri lankan friends around.
ReplyDeletechat,massaging,forums,games,blogging and meny more
www.teenlanka.net